දිල්ලිවරුන්ගේ ලකුණු පුවරුව අසීරුවෙන් එසවුණු හැටි

IPL තරගාවලියේ අද (05) රාත්‍රියේ දිල්ලි කැපිටල්ස් සහ සන් රයිසස් හයිද්‍රාබාද් අතර පැවති තරගයේ පළමු ව පන්දුවට පහර දුන් දිල්ලිවරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද්වරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

දිල්ලිවරුන්ට හිතූ තරමේ සාර්ථක පිතිකරණයක් ඇරඹීමට හයිද්‍රාබාද් පන්දු යවන්නන් ඉඩ හසර දුන්නේ නැහැ.

ලකුණු 100ක් වන විට මුල් කඩුලු 05 බිඳ වැටී තිබුණු අතර සිය කණ්ඩායමේ ලකුණු පුවරුව යම් මට්ටමකට හෝ ඔසවා තැබීමට Ashutosh Sharma සහ ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ පිතිකරණයන්ට හැකි වුණා.

අශුටොෂ් ශර්මා ලකුණු 41ක් සහ ස්ටබ්ස් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලකුණු 19කට කඩුලු 03ක් බිඳ හෙලීමට පැට් කමින්ස් සමත් වුණා.

Jaydev Unadkat, හර්ෂල් පටෙල් සහ එෂාන් මාලිංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද්වරුන්ට ලකුණු 134ක ඉලක්කයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?