දිල්ලිවරුන්ගේ ලකුණු පුවරුව අසීරුවෙන් එසවුණු හැටි

IPL තරගාවලියේ අද (05) රාත්‍රියේ දිල්ලි කැපිටල්ස් සහ සන් රයිසස් හයිද්‍රාබාද් අතර පැවති තරගයේ පළමු ව පන්දුවට පහර දුන් දිල්ලිවරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද්වරුන් පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.

දිල්ලිවරුන්ට හිතූ තරමේ සාර්ථක පිතිකරණයක් ඇරඹීමට හයිද්‍රාබාද් පන්දු යවන්නන් ඉඩ හසර දුන්නේ නැහැ.

ලකුණු 100ක් වන විට මුල් කඩුලු 05 බිඳ වැටී තිබුණු අතර සිය කණ්ඩායමේ ලකුණු පුවරුව යම් මට්ටමකට හෝ ඔසවා තැබීමට Ashutosh Sharma සහ ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ පිතිකරණයන්ට හැකි වුණා.

අශුටොෂ් ශර්මා ලකුණු 41ක් සහ ස්ටබ්ස් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලකුණු 19කට කඩුලු 03ක් බිඳ හෙලීමට පැට් කමින්ස් සමත් වුණා.

Jaydev Unadkat, හර්ෂල් පටෙල් සහ එෂාන් මාලිංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද්වරුන්ට ලකුණු 134ක ඉලක්කයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56