දින කිහිපයක සිට අතුරුදන්ව සිටි දෙදරු පියාගේ සිරුර කැලයකින් සොයාගෙන (ඡායාරූප)

මීට දින පහකට පමණ පෙර නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් සිටිය දී අද (25) සොයාගෙන තිබෙනවා.

වීදියගොඩ, මාරගස් හන්දිය, ටැමරන්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ ගෝනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි කංචන කමල් කරුණාරත්න නැමැති 36 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා පසුගිය ඉරිදා දින කුඹුක ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මව්පියන් පදිංචි නිවසට ගොස් පොළට යන බව පවසා දහවල් 12.30 ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

නිවසින් පිට වූ පසු පියා විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදීම පුරුද්දක් ලෙස සිදුකර ගෙන තිබූ අතර, එදින සවස 4.00 පමණ දක්වා දුරකථන ඇමතුම් කිහිපයක් ගත්ත ද ඊට ප්‍රතිචාර නොදැක් වූ බවත් හවස හතරෙන් පසු දුරකථනය නාද නොවූ බවත් පියා පවසා තිබෙනවා.

සිය පුතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් අද (25) දින පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට සූදානම් වෙමින් සිටි බවයි පියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ගවයින්ට තණ කැවීම සඳහා කැලෑ ප්‍රදේශයට ගොස් සිටි එම ප්‍රදේශයේ පුද්ගලයකුට දුඟදක් දැනි අවට පරීක්ෂා කරන අවස්ථාවේ දී අදාළ මළ සිරුර දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේ දී එම සිරුර අධික ලෙස නරක වී තිබී ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මොරගහහේන පොලිසිය මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21
Video thumbnail
අකුරැස්ස පොලිසියේ බෝගසේ විශාල අත්තක් කඩා වැටී 1990ට හානි..සභාපති බෝ අතු ඉවත් කරන හැටි
00:41
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.10
08:36:56
Video thumbnail
බලශක්ති ඇමතිට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි
01:37
Video thumbnail
🔴Breaking News
01:15
Video thumbnail
ටීචර්ස්ලාට සුදු සාරි ඇඳගෙන ඉස්කෝලේ එන්න කියලා ප්‍රින්සිපල්..අගමැති හරිනි මේ ගැන පොඩ්ඩක් බලන්න
06:10