දැදුරුඔයේ නිරුවතින් හැසිරුණු පෙම්යුවල පොලීසිය දැක දුවයි

දැදුරුඔයේ දිය නාමින් පෙම්සුව විඳිමින් සිටි තරුණයකු සහ වයස්ගත කාන්තාවක පොලීසිය දැක බියවී කාන්තාව රෙදි ටිකද රැගෙන නිරුවතින්ම අසල කැලයට වැදි පලා යාමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසෙනික් වාර්තා වී තිබුණා. සිද්ධිය මෙසේය.

මෙම පෙම්වතුන් යුවළ දියනාන මුවාවෙන් දැදුරුඔයේ අශෝභන ලෙස සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලීසිය එහි ගොස් ඇත.

දුර තියාම පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු වයස 65ක පමණ කාන්තාව නිරුවතින්ම දියෙන් ගොඩ වී දැදුරුඔය ඉවුරේ තබා තිබූ තම ඇඳුම් ටිකද රැගෙන අසල කැලයට වැදී පැනගිය බවද තිස්හතර හැවිරිදි තරුණයා යන්තමින් රෙදි කඩක් පටලවා ගත් බවද වාර්තා වේ.

පසුව අනාවරණය වී ඇත්තේ දිය නෑමට දැදුරුඔයට පැමිණි තරුණයා සහ කාන්තාව එදිනම හඳුනාගෙන ඒ මොහොතේම ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයක් මත එලෙස පෙම් සුව විඳිමින් සිට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?