දස මසක් වයසැති බිළිඳිය කෙළෙසූ පියා සිපිරිගෙට

මාස දහයක් වයසැති තම බිළිඳිය ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පෝද්දල, කලේගාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයා පෙබරවාරි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර පියා ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ හමුවට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව සැකකරු සමාජ රෝග සායනයට ඉදිරිපත් කිරීමටත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

එමෙන්ම බිළිඳිය මව වෙත භාරදීමටද නියෝග කරනු ලැබුවා.

සැකකාර පුද්ගලයා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ බීමතින් පැමිණ තම මාස 10ක බිළිඳිය සුරතල් කිරිමට බව පවසා විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසේ කාමරයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවටයි අනාවරණය වුණේ.

පසුව බිළිඳිය නොනවත්වා හඬන්නට පටන් ගැනීමත් සමඟ බිළිඳියගේ මව අසල්වැසි කාන්තාවක් ද සමංහ එක්ව ඇයව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගෙනගොස් ඇති අතර, එහිදි බිළිඳිය පරික්ෂා කිරීමේ දී ඇයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල සිදුව ඇති බවට වෛද්‍යවරයාට නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරුව ඇයව රෝහල් ගත කරන ලෙසට උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව බිළිඳිය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බිළිඳිය පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇත්තේ බිළිදිය දූෂණයට ලක්ව ඇති බවයි.

බිළිඳියගේ මවගේ නිත්‍යනුකුල සැමියා ඔවුන් හැරගොස් සිටින අතර, ඇය සැකකාර පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම සම්බන්ධය මත මීට මාස 10කට පෙර මෙම බිළිඳිය බිහිකර ඇති බවයි පරීක්ෂණවල දී හෙළි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
24
මලපනිනව !
63
කුජීතයි !
29
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?