AFC Banner
AFC Banner
Empty Ad

දත්ත ගැටලුව නිවැරදි වූ විට මරණ අනුපාතිකය අඩුවේවි

කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව කී වෛද්‍යවරයා මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ සැබෑ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය ද අඩුවනු ඇතැයි සඳහන් කළේය.

මෙය දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බව ද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කීවේය.

දත්ත පද්ධතියේ සිදුවූ එම වරද නිවැරදි කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ නිලධාරීන් ගෙන්වා අවශ්‍ය අධ්‍යයනය කටයුතු සිදුකරමින් සිටින බව කී බටුවන්තුඩාව මහතා සිදුවූ වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා කාව්‍යමය ධර්ම දේශනය - සජීවී ව
47:11
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා ධර්ම දේශනය - සජීවී ව
56:21
Video thumbnail
පුතානෝ - සීයා - සිරිසේන එකම වේදිකාවේ පෙරහැර බලනවා
02:20
Video thumbnail
මහියංගනය නගරය මැදට අලියෙක් කඩාවැදෙයි - නගරයම නොසන්සුන්
02:38
Video thumbnail
කසාද බැඳලා වෙඩින් ෆොටෝ ටික ගෙදර ගේන්න කලින් කසාදය - දෙදරලා ගිහින්
03:30
Video thumbnail
ලුණුයි බතුබතුයි කමු කියලා ඇවිල්ලා - නෝනව මැදපෙරදිග යවනවනම් - ඒ පිරිමයට කෂේරුකාවක් නෑ
04:07
Video thumbnail
මේ අයවැයෙන් බදු සහන දෙන්න වෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
05:37
Video thumbnail
ජනපතිගෙන් ලෝක නායකයන්ට ආරාධනාවක් #anurakumaradissanayake #npp #shortsvideo
00:20
Video thumbnail
පොලීසියෙන් ගුටි කා අවසන් ගමන් ගිය තරුණයාගේ නිසල දේහය නිවසට
01:37
Video thumbnail
ලංකාවේ ගිනි ගානට විකිණෙන වාහන ලංකාවට එන ඇත්තම මිල මෙන්න - Exclusive
02:48

?