දණ ගසාගෙන අවසන් ගමන් ගිය සද්දන්තයා

වෙඩි වැදී මියගිය බවට සැක කෙරෙන මියගිය වන අලියකුගේ සිරුරක් මොරගොඩ කරඳකවැව ප්‍රදේශයේ තිබී සොයා ගත් බව මොරගොඩ වනජීවී බීට්ටු කාර්යාලය පවසනවා.

මොරගොඩ වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියකදී යි මොරගොඩ කරඳකවැව වැව් බැම්ම ආශ්‍රිත ප්‍රදේශයේ තිබී වන අලියාගේ එම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

කරඳකවැව වැව් බැම්ම පා මුල මිය ගොස් සිටි අලියා දැක ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව මොරගොඩ සහ රිටිගල වනජීවි කාර්යාල දැනුවත් කර තිබුණා.

නිලධාරීන් පැමිණ කළ සෝදිසි කිරීමේදී අලියාගේ පිටුපස කොටසට වෙඩි වැදී ඇති අයුරු දක්නට ලැබුණු බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.

ගසකට හේත්තුවී දණ ගසාගෙන එම අලියා මිය ගොස් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මිය ගොස් ඇත්තේ වයස අවු 30ක් පමණ වෙතැයි අනුමාන කෙරෙන අඩි 8ක් පමණ උසැති හොඳින් වැඩුණු වන අලියෙක්.

මෙම වන අලියා වෙඩි තබා මරා දමන ලද බවට සැක කෙරෙන බවයි මොරගොඩ වනජීවී කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

මරණයට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වනජීවී කාර්යාලය පවසනවා.

මොරගොඩ වනජීවී කාර්යාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

4 9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
11
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?