Thursday, December 5, 2024
Empty Ad
AFC Banner

දඩයමේ ගිය 14 හැවිරිදි ළමයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට

වාකරේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි වැදීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වාකරේ පොලිසියට පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරකට අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වාකරේ සින්නතට්ටමුන ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි ළමයෙක්.

ඔහු තම වැඩිමහල් සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා සමග පෙරේදා රාත්‍රී සතුන් දඩයම් කිරීමට ගොස් තිබෙනවා.

ඔවුන් රැගෙන ගිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි වැදීම සිදුව ඇති බවටයි පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මඩකලපුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මියගිය පිරිමි ළමයා සමග දඩයමේ ගිය අවුරුදු 24, 28 සහ 32 වයස්වල පසුවන සැකකරුවන් තුන්දෙනා පොලිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් රැගෙන ගිය ගිනි අවි මෙතෙක් සොයාගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. වාකරේ පොලිසිය එම ගිනි අවි සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?