AFC Banner
AFC Banner
Empty Ad

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට හෝරා කිහිපයක් තිබියදී පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු අස්වෙයි

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ගිලෙස්පි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (12) සිය ඉල්ලා අස්වීමේ ලිපිය හෙතෙම පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පැය කිහිපයකට පෙරයි ජේස ගිලෙස්පි සිය තීරණය දැනුම්දී ඇත්තේ.

ඔහුගේ සහාය පුහුණුකරු ටිම් නීල්සන්ගේ කොන්ත්‍රාත්තුව අලුත් කිරීම PCB ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව Gillespie ගේ ඉවත්වීම බොහෝ දුරට අපේක්ෂිත මට්ටමක තිබුණා.

Gillespie සහ Nielsen යන පුහුණුකරුවන් දෙදෙනා අතරම මනා සන්නිවේදන සබඳතාවක් තිබී ඇති බවයි ක්‍රිකට් විචාරකයින් මෙම සිදුවීමෙන් පෙන්වාදෙන්නේ.

පීසීබී පැවසුවේ ආකිබ් ජාවෙඩ් පාකිස්තානයේ ටෙස්ට් ආකෘතියේ තාවකාලික පුහුණුකාරීත්වයට පත් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?