සේවකයින්ට මදි නොකියන්න බෝනස් දුන් සමාගම (වීඩියෝ)

චීන සමාගමක් සිය සේවකයින් වෙනුවන් ප්‍රසාද දීමනා (බෝනස්) ලබාදුන් අපූරු ක්‍රමයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හෙනන් මයින් ක්‍රේන් නැමති දොඹකර සමාගම විසින් මෙලෙස එහි සේවකයින් 30 දෙනෙකු වෙනුවෙන් ප්‍රසාද දීමනා ලබා දී ඇති අතර, එහිදී එම සමාගම චීන යුවාන් මිලියන 60ක් ප්‍රසාද දීමනා ලෙස බෙදා දී තිබෙනවා.

මීටර් 70ක් දිග මේසයක් මත යුවාන් මිලියන 60ක මුදල අතුරා තමන්ට කැමති තරම් මුදලක් ඉන් අහුලා ගැනීමට විනාඩි 15ක කාලයක් එම සේවකයින් වෙත ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එක් සේවකයෙක් විසින් වැඩිම මුදල ලෙස යුවාන් 100,000ක මුදලක් ලබාගැනීමට හැකිව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

හෙනන් මයින් ක්‍රේන් සමාගම පසුගිය 2024 වසරේ ලැබූ යුවාන් මිලියන 260ක ශුද්ධ ලාභයෙන් කොටසක් මෙලෙස ප්‍රසාද දීමනා ලෙස සේවකයින් අතර බෙදාදීමට කටයුතු කළ බවයි එහි සභාපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27