මහාචාර්ය අනිල් ජයන්තට අලුත් තනතුරක් (ඡායාරූප)

ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා තේරී පත් ව තිබෙනවා.

ඒ දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම‍යේ පළමු රැස්වීම කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු අවස්ථාවේදීයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එම සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් වූ අතර මෙම අවස්ථාව සඳහා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ද එක් ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශ්‍රී ලංකාවේ වැදගත්ම විදේශ සබඳතාවක් ලෙස අවධාරණය කළා.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජාතීන් ලෙස, දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩනැගී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ පරමාදර්ශී ශක්තිමත් කිරීම සඳහා වන කැපවීම් මත බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව – අමෙරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන, ආර්ථික, ආරක්ෂක, බුද්ධි තොරතුරු හුවමාරුව, අධ්‍යාපනය සහ දෙරටේ පුරවැසියන් අතර සම්බන්ධතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන බව ද කථානායකවරයා පැවසුවා.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් අමෙරිකා එක්සත් ජනපදය මෙරටට ලබා දෙන සහාය පිළිබඳව ද කථානායකවරයා සිය කෘතඥතාව පළ කළා.

SL USA Friendship 20250124 17
SL USA Friendship 20250124 16
SL USA Friendship 20250124 14
SL USA Friendship 20250124 6
SL USA Friendship 20250124 12
SL USA Friendship 20250124 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03