තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට නාමයෝජනා කැඳවයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත හි විධිවිධාන ප්‍රකාර ව එම කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇති වී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා නිර්දේශ කිරීමට නාම යෝජනා කැඳවා තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු පත් කිරීමට අදාළ නීතියේ දක්වා ඇති පරිදි ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සංවිධාන වෙතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නාමයෝජනා කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ.

පනතේ විධිවිධානවලට අනුව කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා, පුවත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝ කළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළ දැනීමක්, අත්දැකීම් හා ප්‍රවීණත්වය සහිත පොදු සමාජ ජීවිතයේ දී සුවිශේෂී තැනැත්තන් විය යුතු බව දක්වා තිබෙනවා.

එසේ නාමයෝජනා කරනු ලබන නාමිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ යම් පළාත් සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු, යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත් ලාභදායී ධුරයක් දරන තැනැත්තන් හෝ යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවිය යුතු අතර යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු නොලබන හෝ යම් වෘත්තියක නොයෙදෙන අයෙකු විය යුතුයි.

මීට අදාළව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි www.parliament.lk ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු අතර නිවැරදිව සම්පුර්ණ කරන ලද නාමයෝජනා 2025 පෙබරවාරි 7 වැනි දින හෝ ඊට පෙර “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් තැපෑලෙහි විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42