UPDATE: තුෂාර උපුල්දෙණිය හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ (වීඩියෝ)

වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාර උපුල්දෙණිය මහතා ව හෙට (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ.

හෙට දිනයේ දී සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ද ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණු බව දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට අද දහවල් ඉදිරිපත් කළා.

නඩුවේ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෙනී සිටියේ, අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා යි.

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?