තුර්කියේ සහ සිරියාවේ මරණ දස දහසට ළංවෙයි

තුර්කියට සහ සිරියාවට බලපෑම් කළ ප්‍රබල භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව දස දහසට ආසන්න වී තිබෙනවා.

මේවන විට රටවල් දෙකෙන්ම වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9600ක්.

තුර්කියේ, සිරුරු විශාල ප්‍රමාණයක්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි වලින් ආවරණය කර ඇති අතර අනෙක් ඒවා බෑග්වල, දමා රෝහල් අසල බිම දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සඳුදා ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8ක කම්පනය 1999 වසරෙන් පසු සිදුවූ ප්‍රබලතම කම්පනය ලෙසට සැලකෙනවා.

සිරියාවේ සහන කණ්ඩායම් අනතුරු ඇඟවූයේ දිවි ගලවා ගත් අය ප්‍රකාශ කළ පරිදි තවමත් උපකාර ලැබී නොමැති පිරිස් සිටීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

තුර්කියේ මරණ සංඛ්‍යාව 7,100 ඉක්මවා ගොස් තිබෙනවා. දැනටමත් වසර 11 ක යුද්ධයකින් විනාශ වී ඇති සිරියාවේ, රජය සහ කැරලිකරුවන් විසින් පාලනය කරන ලද වයඹ දෙසින් ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ සේවාවට අනුව, තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 2,500 කට වඩා වැඩි බව සඳහන්ය.

තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් විසින් පළාත් 10ක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නමුත් හානියට පත් තුර්කි නගර කිහිපයක පදිංචිකරුවන් චෝදනා කරන්නේ බලධාරීන්ගේ මන්දගාමී සහ ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ දිවි ගලවා ගත් අය ජිවතුන් අතර ඇති බවට විශ්වාස කළ හැකි කාලය අවසන් වෙමින් පවතින බවයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

පවතින දැඩි ශීතල කාලගුණය හමුවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට වාර්තා වනවා.

මේ අතර තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වූ Pazarcik හි අද සංචාරය කිරීමට නියමිතයි.

උතුරු සිරියාවට, සමහර ජාත්‍යන්තර ආධාර ලැබෙන නමුත්, හානියට පත් මාර්ග නිසා කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවලට ප්‍රවේශ වීමට හැකියාවක් ලැබී නැහැ.

සඳුදා අලුයම Gaziantep අසල පළමු 7.8ක කම්පනය සිදු වූ අතර ඉන් පසුව 7.5 ක ප්‍රබලත්වයකින් යුත් කම්පනයක් සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?