තුන්සකරිය සොරෙක් කුඩු සමඟ පොලිස් දැලේ

ත්‍රිරෝද රථ සොරකම් ගණනාවනට අවශ්‍ය කර සැකකරුවෙක් නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තලංගම, ග්‍රෑන්ඩ්පාස්, කඩුවෙල, කිරිබත්ගොඩ සහ කොටුව යන ප්‍රදේශවලින් සොරාගත් ත්‍රිරෝද රථ 05ක් ද පොලිසිය විසින් සොයා ගත බවටි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?