තීරණාත්මක පාකිස්තාන තරඟය අද දිනුවොත් ඇතුළේ පැරදුණොත් එළියේ

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය යම් හෙයකින් වර්ෂාවට සේදී ගියහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. දැනටමත් සුපිරි 4 වටයේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව තරග 2ක් ජයගෙන ලකුණු 4ක් ගෙන සිටින අතර, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරගය බැගින් ජය ලබා ලකුණු 2ක් ලබා සිටිති. දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව -0.200ක් ලබා පාකිස්තානයට ඉහළින් සිටින අතර, පාකිස්තානය දල ලකුණු වේගය -1.892ක් සටහන් කර සිටී.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සුපිරි හතර වටයේදී බංග්ලාදේශයට එරෙහිව තරග ජයගත් අතර, ඉන්දියාව හමුවේ පරාජයට පත් වූහ.

පකිස්තානය සතු ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනකු වන හැරිස් රවුෆ් සහ නසීම් ෂා ආබාධ ලැයිස්තුවට එක්ව සිටින හෙයින් අද තරගයට ක්‍රීඩා නොකරනු ඇත. ඒ වෙනුවට ෂානවාස් ධහානී හා සමාන් ඛාන් අද තරගයට ක්‍රීඩා කිරීමේ සූදානමින් සිටි.

ලොව අංක එකේ එක් දින කණ්ඩායම ලෙස ශ්‍රේණිගතව සිටින පකිස්තානයේ පන්දු යැවීමේ අංශය ඉතා ප්‍රබල බැවින් ඔවුන් පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද තියුණු තරගයක නිරත වීමට සිදු වේ.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කරන්නේද යන්න තරගය ආරම්භ කිරීමට ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග 155කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 92ක ජය පාකිස්තානය හා තරග 58ක ජය ශ්‍රී ලංකාව ලබා ඇත.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු

පාකිස්තාන සංචිතය: බාබර් අසාම් (නායක ), ෆකර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් රිස්වාන්, අගා සල්මන්, ඉෆ්තිකාර් අහමඩ්, සදාබ් ඛාන්, ෆහීම් අශ්රෆ්, ශහීන් අෆ්රිඩි , නසීම් ෂා, හැරිස් රවුෆ්, ෂානවාස් ධහානී හා සමාන් ඛාන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?