AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනුන්ට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවැත්වෙන 39 වැනි තරගයේ කාසිය වාසිය දිනා ගන්නට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

අද පස්වරු 02ට වංකඩේ ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

අද තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීවන් ස්මිත් එක් වන්නේ නැහැ.

මිචෙල් මාර්ෂ් යළිත් සිය කණ්ඩායම සමග එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Cameron Green වෙනුවට එක් ව ඇත්තේ මාර්කස් ස්ටොයිනිස් බව ද වාර්තා වනවා.

මේ වනවිට ක්‍රීඩා කළ තරග 07න් 05ක් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේ පසුවනවා.

ඇෆ්ගනිස්ථානය 06 වැනි ස්ථානයේ පසුවන්නේ පැවති තරග 07න් 04ක් ජය ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?