spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිදරු පියා අබිරහස් ලෙස මිය යයි

බොල්ගොඩ ගඟ ආසන්නයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි තිදරු පියෙක්.

ඔහු ඊයේ බොල්ගොඩ ගඟ අසල ඇති එළවළු කොරටුවේ වැඩ කරමින් සිට ඇති අතර යාබද කොරටුවේ පුද්ගලයා මාර්ගයට යන බවට පැවසීම හේතුවෙන් දුම්වැටියක් මිලදී ගෙන එන ලෙස ප්‍රකාශ කර තිබුණා.

ඔහු පැය එක හමාරකට පමණ පසු පැමිණ සොයා බැලීමේදී මියගොස් ඇති පුද්ගලයා එළවළු කොරටුවේ නොසිටි බවයි පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ හිස් වැසුමක් සහ කොරටුවේ වැඩ කටයුතු සඳහා යොදාගත් පිහියක් ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් සොයා බැලුව හමුවී නොමැති අතර අද පෙරවරුවේ ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ද බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී යි.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?