තැපැල් සේවක වර්ජනය අද හයවන දිනටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය අද 06 වන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.

මෙවන් තත්ත්වයක තැපැල් කාර්යාලවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

එමෙන්ම ලිපි සහ පාර්සල් විශාල සංඛ්‍යාවක් බෙදාගැනීම නොහැකිව ගොඩගසා තිබෙනවා.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනය වනවිට රුපියල් මිලියන 120ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති චමීරා ද සිල්වා සඳහන් කළා.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීති විරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඊයේ (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ද ආරම්භ කරනු ලැබුවා.

ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් පසුගිය 17 වනදා මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?