තැපැල් ඡන්දය පැවැත්වීමේ දින සංශෝධනය කෙරේ

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක මහතා සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් බවයි.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලු ම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට අවස්ථාව හිමිවනවා.

කිසිදු වෙනස්කමක් නොමැතිව සියලු ම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට මේ දින 4 දී ම තමන්ගේ කාර්යාලයේ දී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරීවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා ද විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවීමටත් කටයුතු කරන බවයි රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහා ම සියලු ඡන්ද හිමියන් වෙත බෙදාහැරීමට නියමිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ (16) දිනයේ දී අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

ඒ අනුව එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මස 29 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදු කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13