තායිලන්තයේ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළට

තායිලන්තය තුළ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ හමුවේ ශ්වසන අපහසුතා ඇතුළු විවිධ රෝගාබාධ හේතුවෙන් ගතවූ සතියේදී පමණක් පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ පුද්ගලයින් මිලියනයක් පමණ විවිධ රෝගාබාධ සඳහා ගොදුරු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිලියන 11ක පමණ ජනගහනයක් සිටින එමෙන්ම ලොව ප්‍රමුඛ සංචාරක පුරවරයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවර අහස කහ සහ අළු පැහැ දුමාරයකින් වැසී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රථවාහනවලින් පිටවන දුමාරය, කාබන් විමෝචනය හා වගා කටයුතු සඳහා භූමිය ගිනිතැබීම තායිනලන්තය තුළ සිදුව ඇති වායු දූෂණයට ප්‍රධාන හේතුව බවයි වාර්තා වන්නේ.

බැංකොක් නුවර වෙසෙන ජනතාවට සිය නිවෙස්වලින් බැහැරට පැමිණෙන්නේ නම් අනුගමනය කිරීම සඳහා වෛද්‍යවරුන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිවෙස්වලින් බැහැරට පැමිණෙන විට ඉතා හොඳ තත්ත්වයෙන් යුත් මුව ආවරණයක් පළඳින ලෙසයි වෛද්‍යවරුන් ජනතාව දැනුවත් කර ඇත්තේ.

එමෙන්ම ගර්භණී මව්වරුන් හා කුඩා දරුවන් හැකි තාක් නිවෙස් තුළට වී කාලය ගත කිරීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පවසනවා.

වසරේ මේ කාලයේ තායිලන්ත ගොවීන් බෝගවල අස්වනු නෙළා ගැනීමෙන් පසු පිදුරු පුළුස්සා දැමීම හේතුවෙන් කෘෂිකාර්මික කලාපයක පිහිටි නගරයක් වන චියැං මායි හි තත්වය වඩාත් නරක අතට හැරී ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?