තාන්න මාන්නවලට යට නොවි නීතිය අකුරට ක්‍රීයාත්මක කරන්න – ආණමඩුව මහෙස්ත්‍රාත්වරියගෙන් පොලිසියට අවවාදයක්

තාන්න මාන්නවලට යට නොවි නීතිය හරිහැටි ක්‍රීයාත්මක කරන්නැයි ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය අද පොලිසියට අවවාද කළා.

පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පිරිසක් පොලිස් කොස්තාපල් වරයකුට පහර දීමේ සිද්දියක් සම්බන්දයෙන් අද පැවති නඩුවකදී මහෙස්ත්‍රාත්වරිය මේ බව දැනුම් දුන්නා.

පසුගිය මාර්තු 22 දින පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් කණඩායමක් නවගත්තේගම පොලිසියෙ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී ඔහු පොලිස් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් සුසාන භූමියක් අසල දමා ගොස් තිබෙනවා.

මේ සිද්දිය සම්බන්දයෙන් වයඹ පළාත් පොලිස් ප්‍රධානින් නිසි පරිදි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා එල්ලවූ අතර ඔවුන්ට ස්ථාන මාරු ලබා දීමටද පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා..

කෙසේ වෙතත් අදාළ පහරදීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පසුව අධිකරණයට භාර වී වරද පිළිගත්තා.

අද මෙම සිද්දිය අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී පහර දීම සිදුකළ පාර්ශවයට දැඩි ඇප කොන්දේසි දැමූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප මත මුදා හැරිමට නියෝග කළා.

මේ සිද්දිය පාදක කරගෙන ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙ සිට ඉහල පොලිස් නිළධාරින් ගනනාවකට සිදුකල ස්ථාන මාරුව නිවැරදී විමට නම් නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළා.

මෙම නඩුව සම්බන්ධව විවෘත අධිකරණයෙ කරුණු දැක්වූ ඇය පොලිසිය නඩුවට අදාලව ඉදිපත් කළ දෙවන බී වාර්තාව දෝෂ සහිත බවත් මෙම සිද්දියෙ මුල් බී වාර්තාව වහා ඉදිරිපත් කරන ලෙසටත් ආණමඩුව පොලිසියට නියෝග කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23