spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කරන්න ආණ්ඩුව ගත් තීරණය

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත කෙරේ. එහි පළමු අදියර යටතේ සයිබර් ආරක්ෂණය නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක්ද සම්පාදනය කිරීමට නියමිතය.

සයිබර් අපරාධ විමර්ශනය සඳහා පොලිසියට සහාය වීමට පිළිගත් ආයතනයක් නොමැති වීම අඩුවක් බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හඳුනා ගෙන තිබේ. විශ්වවිද්‍යාලවල තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගේ සහාය ලබාගනිමින් දැනට සයිබර් අපරාධ විමර්ශනය කෙරේ.

එම නිසා සයිබර් අවකාශය මගින් සිදුකරන අපරාධවල වැරැදිකරුවන්ට නීතිමය පියවර ගැනීමේ දීද ගැටලු මතුව ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කළ සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?