තවමත් භාර නො දුන් ගිනිඅවි සියල්ල ම ජනවාරි 20ට කලින් දෙන්න – ආරක්ෂක අමාත්‍යාංශය (වීඩියෝ)

ජීවිත ආරක්‍ෂාව සඳහා සිවිල් පුරවැසියන් හට ලබා දී ඇති සියලුම ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ප්‍රකාරව එහි දැක්වෙන්නේ; සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබා දී තිබු සියලුම වර්ගයේ ගිනිඅවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුම් දෙනු ලැබූ බවයි.

අදාළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනිඅවි නැවත භාරදීමට කටයුතු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.

එම පුරවැසියන්ට ගිනිඅවි තවදුරටත් ළඟ තබා ගැනීමට අවශ්‍ය නම් එකී අවශ්‍යතාව පැහැදිලි කරමින් 2024 ඔක්තෝබර් 30 වන දිනට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයට අභියාචනා ඉදිරිපත් කරන ලෙස ද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

එම අභියාචනා ඉදිරිපත් කළ බලපත්‍රලාභින්ගේ ගිනිඅවි පරික්‍ෂා කර සමාලෝචනය කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ගිනිඅවිය සමඟ අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජීවිත ආරක්‍ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනිඅවියක් පමණක් ලබාදීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ තීරණය වන අතර එය ද බුද්ධි වාර්තාවන් මත පදනම්ව සිදු කරනු ලබනවා.

ගිනිඅවි ළඟ තබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය හා අදාළ ගිනිඅවි පරික්‍ෂාව 2025 ජනවාරි මස 20 වන දින අවසන් කිරීමට නියමිත අතර, බලපත්‍රලාභීන්ට එදිනට පෙර ගිනිඅවි විගණනය සඳහා ඉදිරිපත් කරන ලෙස මෙමගින් දැනුම් දී තිබෙනවා.

පසුගිය සමයේ දී පුද්ගල ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය විසින් සැලකිය යුතු ගිනිඅවි හා පතරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවත් එහි සඳහන්.

එබැවින් එම ගිනිඅවි හා පතරොම් ද 2024 දෙසැම්බර් මස 31 දිනට පෙර නැවත රජයට භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එබැවින් එම උපදෙස්වලට අනුව මෙම ගිනිඅවි හා පතරොම් ළඟම ඇති ‍පොලිස ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලෙසත්, නියමිත දිනට පෙර ගිනිඅවි සංගණනය හා විගණනය සඳහා ඉදිරිපත් නොවන ගිනිඅවි ළඟ තබා ගන්නා බලපත්‍රලාභීන්ට එරෙහිව 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මෙම නිවේදනයෙන් දැනුම්දෙනු ලැබුවා.

සිවිල් ජන සමාජය තුළ ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම තුළින් මෙන්ම නිසි නියාමනයක් කිරීම තුළින් සුරක්‍ෂිත සමාජයක් තහවුරු කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ගන්නා ලද මෙම තීරණයට අනුගතව මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකළ සියලුම බලපත්‍ර සහිත ගිනිඅවි 2025 ජනවාරි මස 20 වන දිනට පෙර භාරදීමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වයන් වෙත අවධාරණය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21