Fly high Get bonus Aviator Phone

තවත් සති දෙකකින් සංචරණ සීමා දීර්ඝ කරයි? තවත් විශේෂ පිරිසකගෙන් ප්‍රබල ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ දැඩි සීමා පැනවීමෙන් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කර තිබේ.

ඒ අනුව දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා දීර්ඝ කළ යුතු අතර එය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි අදාළ විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

මෙම විශේෂඥ කමිටුවේ ප්‍රධානී ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං කටයුතු කරන අතර විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය මලික් පීරස් සහ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු මහත්ම මහත්මීන් 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවට අයත් ය.

එම ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ වාර්තාවට අනුව වයිරසය සම්ප්‍රේෂණය වෛරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා පැනවිය යුතු අතර ඒ තුළින් ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කරගැනීම වේගවත් කරගත හැකි බවද සඳහන් වේ.

අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වෙනවා.

එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ සඳහන්. එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වෙනවා. මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි.

ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි ද ඔවුන් වාර්තා කර තිබෙනවා. වයිරසය සම්ප්‍රේෂණය වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන්.

දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැයි ද විශේෂඥ කමිටුව සඳහන් කරනවා. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙනවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංසාරේ කිසිම දවසක කිසිම කෙනෙක් රවට්ටන්න එපා - මේ කතාව අහන්න වටිනවා
06:36
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට තොරණක දිග හැරුණු ජාතක කථාව - තොරණ බලන්න මහ සෙනගක්
02:42
Video thumbnail
ජීවිත 22 ක් බිලිගත් අනතුර සම්බන්ධව කරුණු සෙවීමට ගිය කමිටුව හෙළිකරගත් දේ
02:55
Video thumbnail
අප්‍රසන්න ටික්ටොක් කරන කෙල්ලන්ට උණ ගැනෙන්න කියපු කතව
10:08
Video thumbnail
ජීවිත 22ක් බිළිගත් බිහිසුණු බස් අනතුරෙහි ඔබ නොදුටු දසුන්
01:25
Video thumbnail
දැකලා තියෙනවද මෙහෙම දන්සැලක් - පට්ට කොල්ලො ටිකක්
03:26
Video thumbnail
🔴BREAKING NEWS මත්තල උඩු යටිකුරු කෙරූ කාර් - වෑන් රිය අනතුර
01:28
Video thumbnail
පොලිසියත් අන්ද මන්ද කරපු සිඟිති පාතාලය - බයික් එක්කම කුදලන් යයි
02:08
Video thumbnail
රියදුරන්ට කන් පිරෙන්න හොඳ හැටි කියලා දුන්නු හැටි
07:39
Video thumbnail
හෝව්... හෝව්... ආන් එහෙම තදට නමාගන්න - බලාගෙන යටින් ලීක් වෙයි
03:21

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?