තවත් වෙඩි තැබීමක්

කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක දී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ; ඊයේ (09) රාත්‍රී කාලයේ දී මෙම ඝාතනය සිදු ව ඇති බවයි.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැඹීම සිදු කර පලා ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අප්ටන් වත්ත – උල්ලිඳුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සහ බිරිඳ නිවසේ සිටියදී නිවසට පැමිණි වෙඩික්කරුවන් බිරිඳගෙන් මරණකරු නිවසේ සිටින්නේ දැයි විමසූ විට ඝාතනයට ලක් වූ තැනැත්තා එළියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීමට ඔහු ව ලක් ව ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමට ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.