ගෙවුණු පැය 24 දී සිදු වූ සිව්වැනි වෙඩි තැබීම කුරුණෑගලින් – අයෙක් මරුට

කුරුණෑගල වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ දී බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර මෙම වෙඩි තැබීම ගෙවුණු පැය 24 තුළ සිදු වූ සිව්වැනි වෙඩි තැබීම ද වනවා.

එහි පළමු වෙඩිල්ල ඊයේ (18) තංගල්ල හා දෙහිවලින් වාර්තා වූ අතර අද උදෑසන ගාල්ල – මිදිගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා.

ඉන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබුවා.