තවත් භයානක රෝගයක් මෙරට පුරා පැතිර යයි – සියළු දෙනාම මේ ගැන දැනුවත්වන්න

ශරීරය පුරා බාහිරව මෙන් ම අභ්‍යන්තරවත් ගැටිති හා ගෙඩි විශාල ප්‍රමාණයක් ඇතිවන ‘නියුරෝෆයිබ්‍රොමැටොසිස්’ (neurofibromatosis) රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩුලිප් පෙරේරා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

රට පුරා විසිර සිටින මෙම රෝගීන් පිළිබඳව නිසි සංගණනයක් හෝ රෝගය පැතිර යාම අවම කිරීම වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙළක් සැකසීම සඳහා සෞඛ්‍ය අංශ පියවර ගෙන නැතැයි හෙතෙම චෝදනා කළේ ය.

අවම වශයෙන් ශ්‍රී ලංකාවේ එම රෝගය වැළඳුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි සෞඛ්‍ය අංශ සොයා බලා නැතැයි ද ඔහු කියා සිටියේ ය.

තැලසීමියා රෝගය පිළිබඳ සිදු කරන දැනුවත් කිරීම්වලට වඩා වැඩි ඉඩක් මෙම රෝගය පිළිබඳව දැනුවත් කිරීමට ලබා දිය යුතු යැයි කී විශේෂඥ වෛද්‍ය ඩුලිප් පෙරේරා ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ, තැලසීමියා රෝගය මෙන් ම නොව නියුරෝෆයිබ්‍රොමැටොසිස් රෝගයේදී මව ත්, පියා ත් දෙදෙනාට ම හෝ එක් අයෙකුට හෝ මෙම රෝගය තිබුණහොත් දරුවන් සියලු දෙනා අනිවාර්යයෙන් රෝගීන් බවට පත්වන බව ය.

මෙය ස්නායු හා සම්බන්ධ රෝගයක් වන අතර එහිදී ස්නායු ගැට ගැසෙමින් විශාල වෙමින් පවතින බව ත් කපා ඉවත් කිරීමට හැකියාව ඇති ගැටිති මෙන් ම එසේ ඉවත් කළ නොහැකි ගැටිතිත් පැවතිය හැකි බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම ගැටිති ශරීර මතුපිට මෙන් ම ශරීරය තුළ ඕනෑ ම ග්‍රන්ථියක ඇතිවිය හැකි බව ද පෙරේරා මහතා කීය.

ප්‍රමුඛ ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන මෙම රෝගයේ ලක්‍ෂණ දරුවන් බාල කාලයේ නොපෙනී තිබුණත් වයසින් වැඩෙත් ම රෝග ලක්‍ෂණ මතු වන බව ද හෙතෙම කියා සිටියේ ය.

විශේෂයෙන් මෙවන් තරුණ තරුණියන් විවාහ වූ පසු දරුවන් බිහි නොකළ යුතු යැයි ද එයින් සිදුවන්නේ මෙම රෝගීන් සංඛ්‍යාව වැඩිවීම යැයිද කී ඩුලිප් පෙරේරා මහතා මෙවන් රෝගීන්ට දරුවන් සාදා නොගන්නා ලෙසට වෛද්‍යවරු අනිවාර්යයෙන් ම අවවාද කළ යුතු යැයි ද කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46