තලවතුගොඩින් සොරාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් තිහගොඩින් හමුවේ (ඡායාරූප)

තලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථගාලේ නවතා තිබිය දී පසුගිය දා (27) සොරාගත් සුඛෝපභෝගී මෝටර් රථය, එය සොරාගත් සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෝටර් රථය පණ ගැන්වීම සඳහා යොදාගත් ස්කෑන්කර පණ ගැන්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය සහ විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉකුත් 27 වනදා පස්වරුවේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මෝටර් රථය රථගාලේ නවතා තිබිය දී සොරාගෙන ගොස් තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමට හැකිව ඇති අතර, එක් සැකකරුවෙක් කඩුවෙල ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු ද කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ බෝඩිමක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ  දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් මෝටර් රථය මාතර, තිහගොඩ ප්‍රදේශයේ  කැලෑබද පෙදෙසක සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඉකුත් 27 වැනි දින මෝටර් රථය සොරාගැනීමෙන් පසු එක් සැකකරුවෙකුගේ කඩුවෙල පිහිටි නිවසට ගොස් මෝටර් රථය තුළ තිබූ වටිනා දෑ ගලවා අනතුරුව මාතර, තිහගොඩ දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එහි ලියාපදිංචි අංක තහඩු දෙක ගලවා එම ප්‍රදේශයේම ළිඳකට විසිකර ඇති අතර, ඒවා ද පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06