තලවතුගොඩින් සොරාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් තිහගොඩින් හමුවේ (ඡායාරූප)

තලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථගාලේ නවතා තිබිය දී පසුගිය දා (27) සොරාගත් සුඛෝපභෝගී මෝටර් රථය, එය සොරාගත් සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෝටර් රථය පණ ගැන්වීම සඳහා යොදාගත් ස්කෑන්කර පණ ගැන්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය සහ විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඉකුත් 27 වනදා පස්වරුවේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මෝටර් රථය රථගාලේ නවතා තිබිය දී සොරාගෙන ගොස් තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමට හැකිව ඇති අතර, එක් සැකකරුවෙක් කඩුවෙල ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු ද කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ බෝඩිමක රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ  දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් මෝටර් රථය මාතර, තිහගොඩ ප්‍රදේශයේ  කැලෑබද පෙදෙසක සඟවා තිබිය දී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඉකුත් 27 වැනි දින මෝටර් රථය සොරාගැනීමෙන් පසු එක් සැකකරුවෙකුගේ කඩුවෙල පිහිටි නිවසට ගොස් මෝටර් රථය තුළ තිබූ වටිනා දෑ ගලවා අනතුරුව මාතර, තිහගොඩ දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එහි ලියාපදිංචි අංක තහඩු දෙක ගලවා එම ප්‍රදේශයේම ළිඳකට විසිකර ඇති අතර, ඒවා ද පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17