spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයින් තිදෙනෙක් ගුවන්ගතවන යානයකින් ඇද වැටේ

තලෙයිබාන් සටන්කාමින් විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පාලනය සිය යටතට ගැනීමත් සමග මේ වන විට එරට ප්‍රධාන ගුවන් තොටුපොළ තුල දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ගෙන තිබෙනවා.

මේ වන විට රටින් පළා යාමට උත්සාහ කරනු ලබන ඇෆ්ගනිස්ථාන වැසියන් නිසා අමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක විදෙස් රාජතාන්ත්‍රික සේවයේ නියුතු නිලධාරීන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් වලට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

මේ අතර කාබුල් ගුවන් තොටුපොළේ සිට ගුවන් ගතවූ ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඉන් ඇද වැටෙන දර්ශණ පෙලක් ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතනයක් විසින් සමාජ මාධ්‍ය ජාල ගිණුම ඔස්සේ පළකර තිබෙනවා.

ඉහළ ගුවනේදී ඇද වැටුණු මෙම ඇෆ්ගනිස්ථාන තරුණයින් තිදෙනා නිවෙස් මතට සහ පොලොවට ඇද වැටී මියගොස් ඇති අතර එම පුද්ගලයින්ගේ සිරුරූ ඉවත්කර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල මෙසේ හුවමාරුවෙමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?