තරගයක් අතර තුර රචින් රවීන්ද්‍රට බරපතළ අනතුරක් – අනතුර ගැන පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා (වීඩියෝ)

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර තරගයක් අතර තුර දී ඊයේ (08) බරපතළ අනතුරකට මුහුණ පෑවා.

නවසීලන්තය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආරම්භ වූ තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරග අතර තුර පන්දුවක් නළලේ වැදීමෙන් මෙම ඔහු මෙම අනතුරට ලක් වුණා.

ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති පකිස්ථානයට එරෙහිව තරගයේ දී පන්දු රකිමින් සිටිය දී ඔහු මෙම අනතුරට මුහුණ පෑ අතර, අනතුරුව ඔහු රෝහල් ගත කිරීමටයි කටයුතු කළේ.

දඟ පන්දු යවන ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල් විසින් යවන ලද පාකිස්ථාන ඉනිමේ 38 වන ඕවරයේ තුන්වන පන්දුවේ දී කුෂ්ඩිල් ෂා එල්ල කළ ස්ලොග්-ස්වීප් පහරක් ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි රචින් රවීන්ද්‍ර විසින් උඩ පන්දුවක් ලෙස රැකගැනීමට යාමේ දී පන්දුව කෙලින්ම ඔහුගේ නළලේ වදිනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ මුහුණෙන් බරපතළ ලේ ගැනීමක් සිදුවන අතර, ඔහුව වහාම පිටියෙන් ඉවත්කරගෙන මූලික ප්‍රතිකාර ලබාදීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.

පන්දුවේ ගමන් පථය වැරදි ලෙස විනිශ්චය කරගැනීමට රචින් රවීන්ද්‍රට නොහැකිව ඔහු මෙම අනතුරට මුහුණපාන අතර, ගඩාෆි ක්‍රීඩාංගණයේ දුර්වල ආලෝකකරණය ඊට හේතු වූ බවයි බොහෝ පිරිස් චෝදනා කරන්නේ.

චැම්පියන්ස් කුසලානය වැනි ICC තරගාවලියක් පාකිස්ථානයේ පැවැත්වීම සූදානම්වන අවස්ථාවක පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාංගණයේ ආලෝක පද්ධතිය නිසි ප්‍රමිතීන්ට අනුව සකසා ගැනීම නොහැකි වී ඇති බවයි ඇතැම් පාර්ශ්ව චෝදනා කර සිටියේ.

මේ අතර තුවල ලැබූ රචින් රවීන්ද්‍රගේ තත්ත්වය මේ වනවිට බාරපතළ නොවන බවයි පාකිස්ථානයෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43