spot_imgspot_img

තම දියණිය සමඟ පියෙකු දුම්රියට පනී

කන්තලේ පොලිස්‌ වසමේ රජඇල ප්‍රදේශයේදී ත්‍රීකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනයවු දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කර ගෙන ඇති බවට කන්තලේ පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක්‌ වු පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණිය වයස අවුරුදු 06 ක්.

මෘත ශරීර කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

මරණකරුගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස්‌ ඇති අතර, බිරිඳ අනියම්‌ සම්බන්ධතාවයක්‌ පවත්වන බවට දැන ගැනීමෙන්‌ පසු ඇතිවූ සිත්‌ තැවුලක්‌ හේතුවෙන්‌ මෙලෙස දියණිය සමග සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
12
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?