Fly high Get bonus Aviator Phone

ඩෙල්ටා රට පුරාම සීඝ්‍ර ව්‍යාප්තියක් – සියලු ප්‍රදේශ මෙන්න

මේ දක්වා ඩෙල්ට් කොවිඩ් ප්‍රභේදය හඳුනාගත් දිස්ත්‍රික්ක වලට අමතරව තවත් ස්ත්‍රික්ක සහ සහ ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හඳුනා ගත් බව තහවුරු වී තිබෙනවා.

නවතම ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අනුව කොළඹ මහ නගර සභා සීමාව, කිරිබත්ගොඩ,කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, පිළියන්දල, ගම්පහ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, අම්බලන්ගොඩ, වව්නියාව, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගැනේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන්නේ කොවිඩ් -19 ධනාත්මක රෝගීන්ගේ තහවුරු කරන ලද ඩෙල්ටා ප්‍රභේදය 292 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ කොළඹ ප්‍රදේශයේ ජනතාවගෙන් නව ආසාදිතයින් 100% ම පෙන්වන්නේ ඩෙල්ටා රෝගීන් බවයි .

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.    

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?