ඩෙංගු බෝවෙන තැන් පාසල් පරිශ්‍රයේ තිබ්බොත් විදුහල්පතිට නීතිය තදවෙයි

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාසල් තුළ නිවාරණය කිරීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

පාසල් තුළ සිදුකරන විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂා කිරීම්වල දී පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගතහැකි අදාළ උපදෙස් පත්‍රිකාවේ සඳහන්.

පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත්කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ උපදෙස් ලිපිවලට අමතරව ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමිනුයි නව උපදෙස් පත්‍රය නිකුත්කර ඇත්තේ.

ඒ, අනුව සියලුම පාසල් පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යෑම සඳහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කිරීමට මෙම උපදෙස් පත්‍රය මඟින් යෝජනා කර තිබෙනවා.

සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන සහ කාර්යාල ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17