AFC Banner
Empty Ad
Empty Ad

ඩ්‍රාවිඩ්, අගාර්කාර් සහ රෝහිත් ෂර්මා විශේෂ සාකච්ඡාවක – පාණ්ඩ්‍යා ලොකු ගැටලුවක

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්, තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර් සහ නායක රෝහිත් ෂර්මා අතර සාකච්ඡාවක් පසුගිය සතියේ මුම්බායි හි BCCI මූලස්ථානයේ දී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී හර්දික් පාණ්ඩ්‍යාගේ තේරීම පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවාව සඳහන් කළේ.

ඔහුව එළෙඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සංචිතය සඳහා තෝරා ගැනීමට නිතිපතා පන්දු යැවීමේ අවශ්‍යතාවය කළමනාකාරීත්වය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හර්දික් විවිධ අදියරවල පන්දු යවා ඇති නමුත්, තවමත් ධනාත්මක සලකුණක් පෙන්නුම් කිරීමට ඔහුට හැකියාව ලැබී නැහැ.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩා කරන ස්ථානය සඳහා තරග කරන තරඟකරුවන් අතර, ලැයිස්තුවේ ඉහළින්ම ශිවම් ඩුබේගේ නම පසුවනවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට මෙම චෙන්නායි සුපර් කිංග්ස් තරුව සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇතිව ඇති බව වාර්තා වනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ශිවම් ඩුබේ මෙවර තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් පිතිකරුවෙක් ලෙස පමණක් යොදාගෙන පන්දු යැවීම සඳහා යොදා නොගැනීම මීට හේතුවයි.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යාට 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඉන්දියානු සංචිතයට සෘජු ප්‍රවේශයක් නොලැබෙනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
23
+1
1
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?