ඩයනාගේ ගැටුම ගැන විමර්ශනය කරන කමිටුව සී. සී. ටී. වී. නරඹයි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු වූ බව කියන ගැටුම්කාරී සිද්ධිය ගැන විමර්ශනයට පත් කරන ලද කමිටුව අද රැස් වී කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී දර්ශන ද කමිටු සාමාජිකයන් නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන මෙවැනි සිදුවීම් ඇති නොවීම සදහා ක්‍රියාමාර්ග ගත යුතු බවට විමර්ශන කමිටුව ඒකමතිව තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගැටුමක් ඇති වූයේ පසුගිය 20 වනදායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.

එහි සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි කමිටුව අද දින එම කාර්යාලයේදී රැස් වූයේ.

සී.සී.ටී.වී දර්ශන නැරඹීමෙන් අනතුරුව කමිටුව තීරණය කළේ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව සහ සිද්ධියේ සාක්ෂිකරුවන් මීළඟ කමිටු රැස්වීමට කැඳවීමටයි. විමර්ශන කමිටුව ලබන 06 වනදා පෙරවරු 10ට යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම කමිටුව සදහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා නම් කරන ලෙසට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට කමිටුව දැනුම්දෙනු ලැබුවා.

ඔවුන්ගේ ද සහභාගීත්වයෙන් මීළඟ කමිටු රැස්වීම පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය කතානායකවරයා කියාසිටියේ.

අමාත්‍ය රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඉමිතියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් විමර්ශන කමිටුවේ පළමු රැස්වීමට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
0
+1
3
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38