spot_imgspot_img
spot_img

ඩයනාගේ ගැටුම ගැන විමර්ශනය කරන කමිටුව සී. සී. ටී. වී. නරඹයි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු වූ බව කියන ගැටුම්කාරී සිද්ධිය ගැන විමර්ශනයට පත් කරන ලද කමිටුව අද රැස් වී කරුණු සාකච්ඡා කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී දර්ශන ද කමිටු සාමාජිකයන් නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන මෙවැනි සිදුවීම් ඇති නොවීම සදහා ක්‍රියාමාර්ග ගත යුතු බවට විමර්ශන කමිටුව ඒකමතිව තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගැටුමක් ඇති වූයේ පසුගිය 20 වනදායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.

එහි සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි කමිටුව අද දින එම කාර්යාලයේදී රැස් වූයේ.

සී.සී.ටී.වී දර්ශන නැරඹීමෙන් අනතුරුව කමිටුව තීරණය කළේ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව සහ සිද්ධියේ සාක්ෂිකරුවන් මීළඟ කමිටු රැස්වීමට කැඳවීමටයි. විමර්ශන කමිටුව ලබන 06 වනදා පෙරවරු 10ට යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම කමිටුව සදහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා නම් කරන ලෙසට ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට කමිටුව දැනුම්දෙනු ලැබුවා.

ඔවුන්ගේ ද සහභාගීත්වයෙන් මීළඟ කමිටු රැස්වීම පැවැත්වීමෙන් පසු විමර්ශන වාර්තාව කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය කතානායකවරයා කියාසිටියේ.

අමාත්‍ය රමේෂ් පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඉමිතියාස් බාකිර් මාකර්, ගයන්ත කරුණාතිලක සහ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් විමර්ශන කමිටුවේ පළමු රැස්වීමට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
0
+1
3
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?