ටොප්ලිගේ තැන ගන්න බ්‍රයිඩන් කාර්ස් එංගලන්ත සංචිතයට

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි වෙනුවට එක්වන ආදේශ ක්‍රීඩකයාට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව එංගලන්ත ක්‍රිකට් ආයතන විසින් ICC තාක්ෂණික කමිටු වෙත යොමුකළ වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් හට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

28 හැවිරිදි වියේ පසුවන බ්‍රයිඩන් කාර්ස් එංගලන්තය වෙනුවෙන් එක්දින තරඟ 12කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර මේ වනවිට බැංගලෝරයේ කඳවුරුලා සිටින එංගලන්ත සංචිතය සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී උපත ලැබූ බ්‍රයිඩන් කාර්ස් මේ වනවිට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයෙක්.

රීස් ටොප්ලිගේ පන්දු යැවීමේ අතේ මාපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බව ස්කෑන් පරීක්‍ෂණවලින් තහවුරු වීමෙන් පසු ඔහු ඊයේ එංගලන්ත ලෝක කුසලාන සංචිතයයෙන් නිල වශයෙන් ඉවත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
5
+1
2
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46