spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටොප්ලිගේ තැන ගන්න බ්‍රයිඩන් කාර්ස් එංගලන්ත සංචිතයට

ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි වෙනුවට එක්වන ආදේශ ක්‍රීඩකයාට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව එංගලන්ත ක්‍රිකට් ආයතන විසින් ICC තාක්ෂණික කමිටු වෙත යොමුකළ වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් හට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.

28 හැවිරිදි වියේ පසුවන බ්‍රයිඩන් කාර්ස් එංගලන්තය වෙනුවෙන් එක්දින තරඟ 12කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර මේ වනවිට බැංගලෝරයේ කඳවුරුලා සිටින එංගලන්ත සංචිතය සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී උපත ලැබූ බ්‍රයිඩන් කාර්ස් මේ වනවිට එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයෙක්.

රීස් ටොප්ලිගේ පන්දු යැවීමේ අතේ මාපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් සිදුවී ඇති බව ස්කෑන් පරීක්‍ෂණවලින් තහවුරු වීමෙන් පසු ඔහු ඊයේ එංගලන්ත ලෝක කුසලාන සංචිතයයෙන් නිල වශයෙන් ඉවත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
5
+1
2
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?