ටෙලිසන්නිවේදන සේවා සමාගමක බලපත්‍ර අත්හිටුවයි

ඇමරිකා එක්සත් ජනපද රජය “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත.

‘චයිනා ටෙලිකොම්’ නම් එම සමාගම එක්සත් ජනපදය තුළ සේවා සැපයීම දින 60ක් තුළ නවතා දැමිය යුතුයැ යි නියෝගකර තිබේ.

බලධාරීන් පවසන්නේ, එම සමාගමේ පාලනය චීන රජයසතු වීම නිසා “එක්සත් ජනපද සන්නිවේදන කටයුතුවලට ප්‍රවේශ වීමට, දත්ත ගබඩාකර ගැනීමට, බාධා එල්ල කිරීමට, සහ/හෝ වැරදි මඟට යොමු කිරීමට” එම සමාගමට අවස්ථාව ලැබෙනබව යි.

එමඟින් ඔවුනට “එක්සත් ජනපදයට විරුද්ධව ඔත්තු බැලීමට සහ වෙනත් හානිකර ක්‍රියාකාරකම්හි යෙදීමට” ඉඩකඩ ලැබේයැ යි ඔවුහු පවසති.

වසර 20ක කාලයක් පුරාවට එක්සත් ජනපදය තුළ සේවා සපයා ඇති චයිනා ටෙලිකොම් සමාගම පවසන්නේ මෙය “කළකිරවනසුළු” තීරණයක්බව යි.

“අපි අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව සේවය කරනා අතරම, හැකි සෑම විකල්පයක්ම හඹා යෑමට සැලසුම් කරමු,” යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

‘චයිනා ටෙලිකොම්’ යනු චීනයේ සන්නිවේදන සේවා සැපයුම් කරුවන් අතර ආධිපත්‍යය දරන සමාගම් ත්‍රිත්වයෙන් එකකි. මෙම සමාගම බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතාවන්ගේ සිට ජංගම සහ ස්ථාවර දුරකථන සේවා දක්වා සේවාවන් සපයන අතර, රටවල් 110ක මිලියන සිය ගණනක් දෙනා ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43