ටිල්වින් සිල්වා සහ කියුබානු තානාපතිනිය අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ කියුබානු නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) අතර හමුවක් අද (03) පෙරවරුවේ, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවුණා.

මෙහිදීදෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන මෙන්ම කියුබානු කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබානු තානාපතිනිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !