ට්‍රම්ප් පරිපාලනය නව ශිෂ්‍ය වීසා ලබාදීම හා හමුවීම් ලබාදීම නවතා දමයි – හාවර්ඩ් ඉදිරිපිට විරෝධතා

අමෙරිකා එක්සත් ජනපදය විසින් විදේශ සිසුන් හට ශිෂ්‍ය හුවමාරු වීසා ලබාදීම සහ නව ශිෂ්‍ය වීසා කැඳවීම ආදිය නතර කරන ලෙසට දැනුම්දී තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, විදේශ සිසුන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාව පුළුල් කිරීමට රාජ්‍ය දෙපාර්තමේන්තුව සූදානම් වන බැවින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව නව ශිෂ්‍ය වීසා ලබා ගැනීම සඳහා දිනයක්, වේලාවක් හෝ ලබා ගැනීම නැවත දැනුම්දෙන තුරු නවතිනු ඇති.

අමෙරිකා එක්සත් ජනපද පරිපාලනය සාකච්ඡාවකින් පසුව ශිෂ්‍ය සහ හුවමාරු ආගන්තුක අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාව පිළිබඳ යාවත්කාලීන මාර්ගෝපදේශ නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා.

ට්‍රම්ප් පරිපාලනය ඔහුගේ දැඩි සංක්‍රමණික න්‍යාය පත්‍රය ඉටු කිරීම සඳහා දරන පුළුල් උත්සාහයේ කොටසක් ලෙස පිටුවහල් කිරීම් වේගවත් කිරීමට සහ ශිෂ්‍ය වීසා අවලංගු කිරීමට උත්සාහ කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

හාවඩ් විශ්වවිද්‍යාල සිසුන් සහ මහාචාර්යවරුන් ඇතුළු සිය ගණනක් විරෝධතාකරුවන් මැයි මස 27 වැනි දින හාවඩ් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ විදේශීය සිසුන්ට සහාය දක්වමින් විරෝධතා දැක්වූ අතර, ට්‍රම්ප් පරිපාලනය විශ්වවිද්‍යාලයට අරමුදල් කපා හැරීමට දරන උත්සාහයන්ට ද විරෝධය පළ කළා.

මූලාශ්‍රය – https://www.reuters.com/world/us/trump-administration-halts-scheduling-new-student-visa-appointments-2025-05-27/



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39