ඥානසාර හිමිගේ නඩුව ලබන 23 වැනිදාට කල්යයි

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී.රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරය යළි ලබන 23 වනදා කැඳවන ලෙස නියම කළා