ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද (18) සමරනවා.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදාණන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතරවීම ද සිදු වනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට (20) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය ද පැවසුවා.

පාස්කු උත්සවයේ දේව මෙහෙයන් අද (18) සිට එළඹෙන 20 වනදා දක්වා පැවැත්වෙන බැවින් ඒ සඳහා සහභාගි වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිත බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ලබා දී තිබෙනවා.

මේ සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26