spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයා බොල්ගොඩ ගඟට වැටී අතුරුදන් (ඡායාරූප)

බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයෙකු අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන්ව ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෙශාන් විතානගේ නැමැති 40 හැවිරිදි වියේ පසු වූ අවිවාහක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (25) පෙරවරුවේ බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් ධාවනය කරමින් ජල ක්‍රීඩාවේ නිරතව සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ ගෙළ ගඟේ හරහා ඇද තිබූ නැව් කඹයක පැටලී ගඟට වැටී අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන් වූ ව්‍යාපාරිකයා පැදවූ ජෙට්ස්කී යාත්‍රාව  ගං ඉවුරේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා දෙවීම සඳහා මේ වනවිට විමර්ශන සිදුකරන අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පානදුර උතුර පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
33
+1
7
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?