Empty Ad
AFC Banner
Empty Ad

ජිවිත හාණියක් සිදුකළ පුද්ගලයන් සිව්දෙනෙකුට මරණ දඩුවම නියම වෙයි

තියුණු ආයුධවලින් සහ මොට ආයුධ වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කලේය .

කළුතර කලමුල්ල රිදී මාවතේ පදිංචිව සිටී ගොඩගේ හිලරි ජෝෂප් අප්පුහාමි නැමැත්තා 1996 ජනවාරි 02 දින මදිනකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධ සහ මොට ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ බාල සොහොයුරා වන ගොඩගේ නිහාල් ෂෙල්ටන් අප්පුහාමි යන අයට පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්දයෙන් සැකකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

නඩුවේ 1, 2,3 සහ 5 වන විත්තිකරුවන් හට මෙහිදී මරණ දඩුවම් නියම කල අතර , 6 සහ 7 විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියම කලේය.

උතුර පයාගල පදිංචි හෙම්බා තන්ත්‍රිගේ අජිත් සිරිමෙවන් ප්‍රනාන්දු නොහොත් ජේවීපී අජිත්, බලපිටිය රාළලාගේ ජූඩ් ප්‍රිසිල්, ගාලුගේ අජිත් ප්‍රනාන්දු සහ කරුණාමුනි සමන් කුමාර යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.

එකී නඩුවේ 4 වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේ දී කරුණු අනාවරණය විය.

6 සහ 7 වන විත්තිකරුවන් වන උතුරු පයාගල පදිංචි තුෂාර සමරවික්‍රම සහ කුරුකුලසූරිය පටබැදි රාළලාගේ රොෂාන් වසන්ත සිල්වා යන අයවලුන් මෙසේ නිදොස් කොට නිදහස් කරන ලදී.

1,3 සහ 5 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මාරී ෆොන්සේකා , 2 වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ සිරී පෙරේරා සහ 6 සහ 7 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ගාමිණී ඒකනායක යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනීසිටියහ.

දීර්ඝ නඩු විභාගයක් පැවතී නඩුවේ සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැදවා තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ මල්ෂා මඩවලගම මෙනවිය පෙනී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවිල් සංවිධාන ආණ්ඩුවට අමතන ලස්සන කොහොමද ?
Video thumbnail
මාව හිරේ දැම්මට ප්‍රශ්නයක් නෑ - මගේ නෝනට අත තියන්න එපා
03:37
Video thumbnail
ලංකාවේ ගාමන්ට් සියල්ල වැහෙන ලකුණු මාධ්‍ය කැඳවලා කරපු විශේෂ හෙළිදරව්ව මෙන්න
13:12
Video thumbnail
ඇමති නලින්ද හැමෝටම අනතුරු අඟවයි - හොරු ඇල්ලුවද ඇහුවනේ - අන්න බඩු ඇතුළේ
12:53
Video thumbnail
ගමට ගිය ඇමති නලින්දව මිනිස්සු වට කර ගනී - අම්මෝ මාලිමාවේ අයට මෙච්චර ආදරයක්
03:33
Video thumbnail
එළියට ආපු ලොහාන් ආණ්ඩුවට රතු එළි දල්වයි - කකුල් අල්ලලා වැඳලා සමාව ගන්න
12:24
Video thumbnail
වැස්සත් අරගෙනම නාමල් සෙන්කඩගල නුවරට
16:15
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
<p>?</p>