AFC Banner
Empty Ad
Empty Ad

ජැෆ්නා රජවරුන්ගෙන් කොළඹට ප්‍රබල ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් කලම්බෝ ස්ට්‍රයිකර්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 173ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 21ක් රැස්කළ අතර, ප්‍රියමාල් පෙරේරා ලකුණු 22ක් රැස්කළා.

ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 54ක් ලබාගත්තා.

ඔහුට අනෙඟි සහයක් වෙමින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 25ක් ජැෆ්නා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ සහ නසීම් ෂා එක් කඩුල්ල බැඟින් දවාගත්තා .

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 174ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?