ජැෆ්නා රජවරුන්ගෙන් කොළඹට ප්‍රබල ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් කලම්බෝ ස්ට්‍රයිකර්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 173ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 21ක් රැස්කළ අතර, ප්‍රියමාල් පෙරේරා ලකුණු 22ක් රැස්කළා.

ජැෆ්නා කිංග්ස් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 54ක් ලබාගත්තා.

ඔහුට අනෙඟි සහයක් වෙමින් දුනිත් වෙල්ලාලගේ ලකුණු 25ක් ජැෆ්නා ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ සහ නසීම් ෂා එක් කඩුල්ල බැඟින් දවාගත්තා .

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 174ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04