ජැෆ්නා කින්ස් කණ්ඩායමට සුපිරි ජයක්

LPL තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව අද පල්ලෙකැලේදී පැවති තරගය කඩුලු 8කින් ජයගැනීමට ජැෆ්නා කින්ස් කණ්ඩායම සමත්විය.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 117ක් රැස්කරගත්තේය.නායක දසුන් ශානක ලකුණු 30 සහ ෂෙවාන් ඩැනියෙල් ලකුණු 25 යි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කින්ස් පන්දුවාර 12යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 120ක් රැස්කරගමින් තරගයේ ජය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ගුරුබාස් පන්දු 39කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමග ලකුණු 54ක් රැස්කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !