ජා -ඇල – මීගමුව පෞද්ගලික බස් රථ වර්ජනයක්

ජා ඇල – මීගමුව මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ වී තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදු වූ පහරදීමකට විරෝධය පළ කරමිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

වැලිසර ඩිපෝව මගින් යොදා ඇති ලංගම බස් රථ සහ ජා ඇල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් යොදවා ඇති පෞද්ගලික බස් රථ ඒකාබද්ධ සේවාවක් ලෙස මාර්ග අංක 273 ජා ඇල – මීගමුව මාර්ගයේ ධාවනය වීම සාමාන්‍යය කරුණක්.

නමුත් එහි ඇති පොදු නීතිරීති මාලාව යටතේ කිසියම් බස් රථයක් ගමනාන්තයට ළඟාවීම ප්‍රමාද වුවහොත්, එහි ගමන් වාරය පසුපසට දැමීම දෙපාර්ශ්වයේ ම පොදු එකඟතාව මත සිදු වූ දෙයක්.

වැලිසර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් එම නීතිය කඩ කිරීම නිසා ගමන් වාරය පසුපසට දමා තිබෙනවා.

එම හේතුව මූලික කර ගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම නිසා, අද උදෑසන වැලිසර ඩිපෝවට අයත් නිලධාරීන් පිරිසක් විසින් ජා ඇල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථවල සේවකයින් හට අමානුෂික අන්දමට පහරදීමක් සිදු කර ඇති බවට එම සේවකයින් පවසනවා.

මේ හේතුව නිසා එම මාර්ගයේ සියලු පෞද්ගලික බස් රථ මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති අතර වැලිසර ඩිපෝව මගින් එම මාර්ගයේ ධාවනය කරන ලංගම බස් රථ ධාවනය සඳහා ද ඉඩ නොදෙන බවටයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

මෙම පහර දීම සඳහා වැලිසර ඩිපෝවේ වත්මන් ඩිපෝ අධිකාරිවරයා, එහි හිටපු ඩිපෝ අධිකාරිවරයෙක් ඇතුළු 07කගේ මැර පිරිසක් සහභාගී වූ බවත් එම සියලු දෙනා අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවත් වර්ජනයේ නිරත සේවකයින් පවසනවා.

මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ජා ඇල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත ජා ඇල ඩිපෝවට අයත් බස් රථයක් තාවකාලිකව එම මාර්ගයට යොමු කිරීමට පියවර ගැනුණා.

ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21